සරාගී නිරූපණ ශිල්පිණියක සහ රංගන ශිල්පිණියක වන ‘අර්ශි ඛාන්’ විශේෂ හෙලිදරව්වක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇයගේ පෞද්ගලික ජීවිතයේ රස තැන් සොයමින් වෙබ් අඩවි ඇය ගැන විවිධ පුවත් අනාවරණය කළත් අර්ශි ඒ එකක්වත් පිළි නොගන්නා ලදි.
කෙසේ වෙතත් දැන් ඇය ඒ රස රහස අනාවරණය කර තිබේ.
ඒ තමයි ෂයිඩ් අෆ්රිඩී නැමැති ක්‍රිකට් තරුව සමග ඇයට සම්බන්ධයක් ඇති බව .
ඇය සිය ට්විටර් ගිනුමෙ මෙවන් පණිවිඩයක් ලියා තිබුණි.
“ඔව් මම ෂයිඩ් අෆ්රිඩී සමග ලිංගික සම්බන්ධයක් පවත්වනවා ඉන්දීයාවේ මාධ්‍යයෙන් අවසර ගන්න ඕනෙද මට කා එක්ක හරි නිදාගන්න.ඒක මගේ පෞද්ගලික ජීවිතෙ.ඒක මට ආදරයක් “. යනුවෙන් ඇය සටහන් කර තිබුණි.
කෙසේවෙතත් දෙදෙනා මසකට වරක් ඩුබායිහීදී මුණගැසෙන බව මාධ්‍ය වාර්ථා කර ඇත.
ඊට ටික දිනකට පෙර ඇය සිය ට්විටර් පණිවිඩයක ලියලා තිබුනේ
“අෆ්රිඩී එයාගෙ හොද යාළුවෙක් විතරයි. සම්බන්ධයක් නැහැ. සමාජ වැඩ වලදී උත්සව වළදි දෙන්නා මුණගැහෙනවා විතරයි” යනුවෙනි.
නමුත් මාධ්‍ය වාර්ථා කරණයේදී තමන් කියපු දේ ඇත්ත බව එළිදරව් වනතුරු මාධ්‍යවේදීන් ඇයව ලුහුබැද ඇති බව පෙන්නුම් කරයි.
ඒ අනුව ඇය පවසන්නේ ෂයිඩ් අෆ්රිඩී විවාහක බව තමන් දන්නා බවයි.










