ලෝක කුසලානය දිනා දුන් බේලිස්ට ඉන්දීයාවෙන් පුහුණූකාර ධූරයක්

ලෝක කුසලානය දිනා දුන් බේලිස්ට ඉන්දීයාවෙන් පුහුණූකාර ධූරයක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – එංගලන්තයට ලෝක කුසලාන දිනා දුන් ප්‍රධාන පුහුණූකරු ට්‍රෙවර් බේලිස් ඉන්දීය අයි.පී.එල් කණ්ඩායමක් වන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස පත් කර ඇති බවට එම කණ්ඩායම අද (18) නිවේදනය කර තිබේ.

දැනට එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ටොම් මුඩි වෙනුවට මෙම පත් කිරිම සිදු කර තිබේ.

මේ වන විට එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු ලෙස කටයුතු කර ට්‍රෙවර් බේලිස් ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එළඹෙන අලු බඳුන තරඟාවලියෙන් පසුව ඉවත් විමට කටයුතු කරන බව මීන් පෙර සඳහන් කර තිබුණි.

බේලිස් මීන් පෙර 2012 වර්ෂයේදි කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකාර ධූරයද හොඹවා තිබේ.

2011 වර්යේදි ලෝක කුසලාන එක්දින තරගාවලියේ අනුශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයද බේලිස් විසින් හෙඹවිය.

CATEGORIES