(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේ කියෝතෝ නුවර පිහිටි සජීවකරණ චිත්‍රාගාරයක හටගත් ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අද (18) පෙරවරුවේ අදාළ චිත්‍රාගාරයට කඩා වැදුනු සැකකටයුතු පුද්ගලයෙකු යම් ද්‍රාවණයක් ඉසීම හේතුවෙන් මෙම ගිනි ගැනීම හට ගෙන ඇති අතර අදාළ සැකකාර පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ එම සැකකරු ද රෝහල්ගත කිරීමට එරට බළධාරීන් පියවර ගෙන තිබේ.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති බවත් වාර්තා වෙයි.











