FAST NEWS

24×7 Around the Globe

උසාවියට ඉදිරිපත්කල ගායක එම්.ජී.ධනුෂ්කට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප.

නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කල බව වාර්තා වේ.

එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශයෙන් පැමිණිල්ල ගොනු කර ඇත.

එම්.ජී.ධනුෂ්ක දෙරණ රූපවාහිනී නාලිකාවේ රියලිටි වැඩසටහනකින් ගායන ක්ෂේත්‍රයට පිවිස ජනාදරයට පත් වු ගායකයෙකි.