FAST NEWS

24×7 Around the Globe

මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 40 කට අධික පිරිසක් සිරවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ – මුම්බායි නුවර ජනාකීර්ණ ඩොන්ග්‍රි ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඊයේ (16) පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් 40 ත්, 50 ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට පුද්ගලයන් දස දෙනෙකු පමණ ජීවිතක්ෂයට ඇති බවත් වාර්තා වේ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන පරිදි කුඩා ළමයින් ඇතුළුව ජීවිත හානි රැසක් සිදුව ඇති බවටත් වාර්තා වෙයි.

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් දෙකක් මේ වන විටත් ජීවිතාරක්ෂක මෙහෙයුමේ නිරත වන අතර, එම ප්‍රදේශයට පසුගිය දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව සඳහන්.

පටු මාවත් ඔස්සේ ගොඩනැගිල්ල ආසන්නයට පැමිණීමට නොහැකි වීම නිසා ගිලන් රථ සහ ගිනි නිවන ආපදා රථ මදක් දුරින් නතර කර තිබූ බවත් වාර්තා වේ.

මුම්බායිහි පිහිටි කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල වසර 100 ක් පමණ පැරණි එකක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.