FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට එයි

 

(ෆාස්ට් නිව්ස් – ගොසිප්)  – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පවත්වා එළි දැක්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය වෘත්තියවේදීන් හා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් මගින් මේ වනවිටත් සකස් කරමින් පවතින බවද පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂයේ මහ සමුළුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමීත බවද කියැවේ.

එදින ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ සහභාගිත්වයෙන් සතියක් පුරා දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.