FAST NEWS

24×7 Around the Globe

නේපාලයට බලපෑ දරුණු ගංවතුරින් 47 දෙනෙකු ජීවිතක්ෂයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර , 29 දෙනෙකු අතුරුදන්වී තිබේ.

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම හේතුවෙන් නේපාලය, බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාවේ මිලියනකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නිවාස, රථවාහන හා වගාබිම් රැසක්ද ජලගැලීම්වලට හසුව ඇති අතර , ගංගා රැසක්ද මේ වන විට පිටාර මට්ටමට ළඟා වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් සහන සේවා මෙහෙයුමක්ද එරට බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.