FAST NEWS

24×7 Around the Globe

මහින්ද අමරවීර ධීවර ඇමතිකම අතහරියි ?

මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය ඉදිකිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ ලෙස පවත්වාගෙන යැමට කටයුතු කරනවා නම් තමන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආරම්භ කළා කියා දේශපාලන හේතූන් මත මේ සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සියලු සංවර්ධන ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු පැවසීය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුකෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ ලෙස දිගට පවත්වාගෙන යැමට කටයුතු කරන්නේ නම් මේ ජාතික ආණ්‌ඩුවේ ඇමැති තනතුරු දැරීමෙන් තේරුමක්‌ නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සියලු සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යැමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.