FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක හුසේන් මොහොමඩ් එර්ෂාඩ් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක හුසේන් මොහොමඩ් එර්ෂාඩ් ඩකා අගනුවර රෝහලකදී අද (14) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මියයන විට වයස අවුරුදු 89 ක්වූ ඔහු, දශකයකට අධික කාලයක් බංග්ලාදේශයේ අසහාය නායකයා වූ අතර, 1990 වසරේ පැන නැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලත් සමඟ බලයෙන් පහකරනු ලැබුවේය.

පසුව ඔහුට දූෂණ චෝදනා මත වසර ගණනාවක් සිර දඬුවම් විඳීමටද සිදුවිය.

ඉස්ලාම් දහම බංග්ලාදේශයේ රාජ්‍ය ආගම බවට පත් කරනු ලැබුවේද ඔහුයි.

ඔහුගේ මරණය ස්වභාවික හේතූන් මත සිදුව ඇති බව හිටපු ආඥාදායකයාගේ ජාතිය පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.