FAST NEWS

24×7 Around the Globe

කොදෙව් ශ‍්‍රි ලංකා සංචාරයේ නිල තරග කාල සටහන නිකුත් කරයි.

ඔක්තෝම්බර් 01 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණෙන බව ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කරයි.

දින හයක් පුහුණුවීම් කටයුතු සිදු කරන අතර තුන්දින තරගය ඔක්තෝම්බර් 08 වනදා පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 14 වනදා ගාල්ලේදි ආරම්භ වේ.

දෙවන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඔක්තෝම්බර් 22 පි සාරා ක‍්‍රිඩාංගණයේදි පැවැත්වේ.

නොවැම්බර් 01 වනදා පළමු එක්දින තරගය පැවැත්වෙන අතර දෙවන එක්දින තරගය නොවැම්බර් 4 වනදා පැවැත්වෙන බව ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තුන්වන සහ අවසන් තරගය නොවැම්බර් 7 වනදා පැවැත්වේ.

තරගාවලියට විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත්ය. නොවැම්බර් 09,12 එම තරග පැවැත්වේ.