(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව අද චන්ද්‍රයාන් – 02 ගවේෂණ යානය සද මත පතිත කිරීමේ අරමුණින් ගුවන් ගතකර තිබේ.
මිනිසා සඳ මත පා තබා 50 වසරක් සපිරීමට දින 05 ක් තිබියදී මෙම යානය උඩු ගුවනට යවා තිබේ.
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී – හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් නික්මෙන චන්ද්‍රයාන් – දෙක මෙහෙයුම සඳහා ඉන්දියාව මේ වන විට රුපියල් කෝටි 960 ක් මුදලක් වැයකර තිබෙන බව වාර්තා වෙයි.
එය කිලෝමීටර් තුන් ලක්ෂ 84,400 ක් ගෙවා සඳේ දකුණු ධ‍්‍රැව ප්‍රදේශයට සමීප වනු ඇත්තේ සැප්තැම්බර් 06 වනදා පමණ බවත් විදෙස් වාර්තාවල සදහන්.









