(ෆාස්ට් ගොසිප් – කොළඹ) – එළඹෙන අගොස්තු 03 වැනිදා ආරම්භ වීමට නියමීත ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සීමිත පන්දුවාර තරඟ සඳහා නායකත්වයේ වගකීම ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා වෙත පැවරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
ඒ අනුව නිත්‍ය නායක විරාත් කෝලීව එම සංචාරයෙන් විවේක ගැන්විමට කටයුතු කෙරෙනු ඇති බව ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කියයි.
වසර 02 කට ආසන්න කාලයක් දිගින් දිගටම තරඟවලට සහභාගි විම නිසා ඇතිවන වෙහෙසකාරී තත්වය හේතුවෙන් අබාධ වලට ලක් විමෙන් වළක්වා ගැනිම මෙහි අරමුණ බවද පැවසේ.
එසේම ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාවද කොදෙව් සංචාරයෙන් ඉවත් කර විවේක ගැන්විමට අවධානය යොමුව ඇති බවත් එම වාර්තා කියයි.
එසේම විස්සයි – 20 හා එක්දින තරඟාවලි වලින් පසුව පැවැත්වෙන කොදෙව් කණ්ඩායම සමග වු ටෙස්ට් තරඟාවලිය මෙහෙය විමද නිත්‍ය නායක කෝලීගෙන් ඉවත් කර අජන්කයා රහානේ වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවත් කියැවේ.









