FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු හා ණය තැන්පතු අනුපාතය වෙනස් නොකෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 ක් ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ.

2019 ජූලි මස 11 වැනි දින පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණයට පැමීණ තිබේ.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගබව මහ බැංකුව කියයි.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇති බවද මහ බැංකුව පවසයි.