FAST NEWS

24×7 Around the Globe

කාන්තාවක් නිසා ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ට වසරක තහනමක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ට වසරක තරග තහනමක් පැනවීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී ක්‍රීඩක විනය නීති මාලාව කඩ කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී තමන් නවාතැන් ගත් සවුත්හැම්ප්ටන් හෝටලයට කාන්තාවක් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය විසින් අෆ්තාබ් නැවත ඇෆ්ගනිස්තානයට යැවීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට පෙර එනම් මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදීද අෆ්තාබ් විනය විරෝධී ක්‍රියාවන් කිහිපයක්ම සිදුකර තිබීම මෙම දඬුවම පැනවීමට පියවර ගත් බවද කියැවේ.