FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව පරදා එංගලන්තය අවසන් සටනට සුදුසුකම් ලබයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දෙවන අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 223 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32.1 කදී කඩුලු 02 ක් දැවි සිය ඉලක්කය සපුරා ගත්තේය.

අවසන් මහ තරගව නවසීලන්තය හා එංගලන්තය අතර 14 දා පැවැත්වීමට නියමිතව තිබේ.