(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගුවන් ගමන් පාලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රී ජර්මනියේ ගැට්වික් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
පැය දෙකකට ආසන්න කාලයක් මෙසේ ගැට්වික් ගුවන්තොටුපල වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් ගුවන්ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා.
තවත් ගුවන් ගමන් වෙනත් ගුවන්තොටුපලවලට හරවා යැවීමට කටයුතු කළ බව පැවසේ.









