(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නයගරා දිය ඇල්ලෙන් පුද්ගලයෙක් ඇදවැටී තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බව වාර්තා වන අතර , අඩි 188 ක් උසකින් පමණ මෙම පුද්ගලයා ඇදවැටී තිබේ.
ඔහුගේ ජීවිතයට කිසිදු හානියක් සිදු නොවී දිවි බේරීම පුදුම සහගත බව ද එරට බලධාරීන් සඳහන් කර ඇත.
නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.









