FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී මුස්ලිම් ගැහැණු දරුවන්ට සුදුසු පාසල් ඇදුමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුස්ලිම් ගැහැණු දරුවන්ට සුදුසු පාසල් ඇදුමක් ඉදිරියේදී නිශ්චය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. ජයන්ත වික්‍රමනායක මහතා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අදහස් දක්වමින් පවසා තිබේ.

එසේම , ඉස්ලාම් ආගම පිළිබද පෙලපොත් රචනා කිරීමේදී විද්වත් මණ්ඩලයක් සහභාගී කරගැනීම සහ පාසල් විෂය මාලාවේ පවතින ඉස්ලාම් ග්‍රන්ථවල අන්‍ය ආගම් පිලිබද දැනුම්වත් කිරීම් ඇතුලත් කිරීම සම්බන්ධවත් එහිදී අදහස් දක්වා ඇති බව වාර්තා වෙයි.