FAST NEWS

24×7 Around the Globe

වෙල්ගම පොහොට්ටුව වර්ජනය කරයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවැත්වෙන පක්‍ෂ නායකයන්ගේ රැස්වීමට සහභාගි නොවන බව කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවසීය.

පෙරේදා (09) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමටද ආරාධනා කර තිබූ මුත් සහභාගි නොවු බව හෙතෙම කියයි.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන බව කියන ජනාධිපති අපේක්‍ෂකයාට තමා අකැමැති නිසා එම රැස්වීම්වලට සහභාගි නොවීමට මෙසේ තීරණය ගෙන ඇතැයිද වෙල්ගම මහතා වැඩි දුරටත් කීය.