(ෆාස්ට් ගොසිප්- කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා තවදුරටත් එම තනතුරේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව එම ආයතන ආරංචි මාර්ග කියයි.
ලෝක කුසලාන තරගාවලියේදී ජාතික කණ්ඩායමෙන් යම් දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය වුවද අසන්ත ද මෙල් මහතා පසුගිය මාස 08 ක කාලය තුළ සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවාගේ වගකීමද දරමින් සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද කියැවේ.
එමෙන්ම සාමාජිකයන් 04 දෙනකුගෙන් සමන්විත ජාතික තේරීම් කමිටුවේ එක් වෙනස්කමක් පමණක් ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත බවද ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
2018 දෙසැම්බර් මාසයේදී අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු මෙම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වශයෙන් බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස් සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුකටයුතු කරති









