(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගර් විසින් මීට පෙර සිසිල් සහ සිංගර් යන දේශීය ප්‍රකට සන්නාම සහ , Hitachi සහ Mitsubishi වැනි ලොව ප්‍රමුඛතම සන්නාම වලින් යුතු වායු සමීකරණ පෙළක් මෙරටට හඳුන්වා දී ඇත.
මෙරට වායු සමීකරණ වෙළද පොල වෙත සිංගර් විසින් තිළිණ කළ බලශක්තිය පිරිමසින පරිසර හිතකාමී වායු සමීකරණ පෙළ මේ වනවිට සාර්ථක ප්‍රගතියක් අත් කර දෙමින් අලෙවි වෙමින් පවතී.
ගෘහස්ථ සහ ආයතිනක අවශ්‍යතා වලට අනුව පාරිභෝගික රුචිකත්වය පරිදි තෝරා ගත හැකි අකාරයට මාදිලි රැසකින් යුතු වායු සමීකරණ සිංගර් විසින් වෙළද පලට ඉදිරිපත් කරයි.
මීට අමතරව ආයතනික වායු සමීකරණ අවශ්‍යතා සඳහා විසඳුම් ලෙස පුළුල් කලාපයක් ආවරණය වන ආකාරයට (Central Air Conditioning) වායු සමීකරණ විසඳුම් ද සිංගර් විසින් හඳුන්වා දී තිබේ.








