(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉරාන සහ යේමන මුහුදු තීරයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකාවට ඒකාබද්ධ මුහුදු ආරක්ෂණ ක්‍රියාන්විතයක් ගොඩනැගීම අවශ්‍ය බව ඇමෙරිකාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකියයි.
ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සැලසුම ඉදිරිපත් කළ බව ඇමෙරිකාව කියයි.
මේ සඳහා කලාපයේ රටවල් කිහිපයක සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද අමෙරිකාව අවධාරණය කර තිබේ.









