(ෆාස්ට් ගොසිප් – කොළඹ) – තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට පැමිණියේ අධිකරණය දැනුවත් කිරීමෙන් පසුව බව, ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනිමට නියෝග ලැබ සිටින ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය නිල ෆෙස්බුක් ගිණූමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.
“මම නිශ්ශංක සේනාධිපතියි. මා මගේ නමට අගෞරවයක් වන ආකාරයෙන් කටයුතු කර නැත. ඉදිරියටද එසේ නොකරමි. ලංකා කොමාන්ඩෝ සෙබළකු ලෙස මා ලැබූ පුහුණුව අනුව මගේ පරමාදර්ශ පාඨය වන්නේ කළ නොහැක්කක් නොමැත යන්නයි.
වසර 3 1/2ක පමණ කාලයක සිට මා හට සිදුකර ඇති ශල්‍යකර්මයක් හේතුවෙන් ජර්මනියෙන් හා සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් ලංකාවට පැමිණි වහාම අධිකරණයට ඉදිරිපත් වනවා”









