FAST NEWS

24×7 Around the Globe

තනතුරින් එළියට ‍දාන හතුරුව යවන තැන් 02 ක ක්‍රිකට් ආයතනය කියයි !

 

(‍ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතාව කන්තා ක්‍රිකට් කණ්ඩායමට හෝ ඇකඩමීයට අනියුක්ත කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පෙළේ නිළධාරීයෙක් ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්තම් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් හෙතෙම කීය.

“ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්තම් තියාගෙන වැඩක් නැ. හතුරුසිංහට මීට පෙරත් මේක කියලා තියෙනවා අපි පාලකයන් ලෙස ඒ තීරණය ගන්න වෙනාව. නැත්ත් ජනතාව අපිටයි දොස් කියන්නේ….. හතුරුසිංහ මහත්මයා ඉවත් වෙන්නේ නෑ කියනවානම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කන්තා ක්‍රික‍ට් කණ්ඩායමට එසේ නැත්තම් ඇකඩමීයට දානවා. නැත්තම් වෙන මොනවා කරන්නද ? “