(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.
එරට වේලාවෙන් ඊයේ (08) පෙරවරු 9 සිට 10 දක්වා මිලිමීටර් 84 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර, එය පැයක් තුළ මිලිමීටර් 56 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර , 1958 වසරේ ඇදහැලී ඇති වර්ෂාවේ සටහන් වූ වාර්තාව අභිබවා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව ආලින්ටන් සහ වර්ජිනියා ඇතුළු ප්‍රදේශවලට පැයක් තුළ මිලිමීටර් 127 ක වර්ෂාපනයක් ලැබී ඇති බව සදහන්.
මේ නිසා උමං දුම්රිය මාර්ග මෙන්ම වොෂින්ටනයේ පටු මාවත් ජලයෙන් යට වූ අතර සිර වී තිබූ මෝටර් රථ ආදිය ඉවතට ගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරයට ද ජලය කාන්දු වී ඇති අතර එහි කාර්යාල කාමරවල ද ජලය පිරී ඇති බව වාර්තා වෙයි.









