FAST NEWS

24×7 Around the Globe

සරීසා පරාජය කර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීක මැතිවරණයෙන් ජයගනී

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ග්‍රීක මැතිවරණයෙන් සරීසා පක්ෂය පරාජයට පත්කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක දක්ෂිනාංශික පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඉන් ජයගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකොස් මිට්සොටෝකිස් එරට මීළඟ අගමැතිවරයා ලෙස තේරී පත්වීමට නියමිතයි.

ග්‍රීසියේ නව වෙනසක් කිරීම සඳහා ජනතාව තමන්ට ජනවරමක් ලබාදුන් බවයි නව අගමැතිවරයා පවසන්නේ.

කිරියාකොස් මිට්සොටෝකිස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 39.6 % ක ඡන්ද ප්‍රතිශතයක් ද , සරීසා පක්ෂය 31.6 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි.

වාමාංශික පක්ෂයක් වන සරීසා පක්ෂයට නායකත්වය දුන් ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් 2015 වසරේ සිට එරට පාලනය කළේය.