FAST NEWS

24×7 Around the Globe

සමපෝෂ සවිබලයෙන් පළාත් පාසල් ක‍්‍රීඩා දිරි ගැන්වීම අදින් ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  CBL සමාගමේ පුර්ණ අනුබද්ධිත ප්ලේන්ටී ෆුඩ්ස් සමාගමේ ප‍්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප‍්‍රියම ධාන්‍යමය ආහාරය සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන ‘‘2019 පාසල් මලල ක‍්‍රීඩා උළෙල’’ ලබන ජූල 08 වනදා එනම් අද දිනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

සමපෝෂ පූර්ණ අනුග‍්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙල හතර පළාත් හතරෙහි වෙන් වෙන් වශයෙන් ජූලි මාසය පුරාවටම පැවැත්වෙයි.

මෙහිදී තරග ඉසව් 70 කට අධික සංඛ්‍යාවක් සදහා සමස්ත පළාත් හතරහිම පාසල් 500 කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇති අතර ජයග‍්‍රාහී පාසල් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත‍්‍ර හා පදක්කම් පිරිනමනු ලබයි.

ඌව පළාත් ක‍්‍රීඩා උළෙල මෙහි පළමු ක‍්‍රීඩා උළෙල ලෙස ජුලි මස 08 වනදා සිට 11 වනදා දක්වා බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක චන්න කරුණාසේන මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ,

‘‘1984 ඉදන් ජාතික පාසල් ක‍්‍රීඩා උළෙල පැවැත්වුණා. නමුත් බිම් මට්ටමේ සිට ජාතික තලයට එන්න උත්සහ කරන දරුවන් ඉහළට ඔසවා තබන්න අවධානයක් නොමැති තත්ත්වයක, අපට පූර්ණ අනුග‍්‍රහය දක්වලා මේ ක‍්‍රීඩා උළෙල පැහැදිලි සාර්ථකත්වයක් කරා ගෙනයන්න සමපෝෂ තමයි මුල් වතාවට ඉදිරිපත් වුණේ.’’

උතුරු මැද පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 11 වනදා සිට ජුලි 14 වනදා දක්වා අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. ඒ පිළිබදව අදහස් දැක්වූ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වයි.එම්.එච්.කේ. අබේකෝන් මහතා මෙසේ පැවසීය ,

‘‘අවුරුදු හතරක් පුරා සමපෝෂ උතුරුමැද පළාතේ දරුවන්ගේ ක‍්‍රීඩා ශීලීත්වය ඔප් නංවන්න, ඔවුන්ට දක්ෂතාවය ප‍්‍රදර්ශනය කරන්න, වගේම ජාතික තලයට පා තබන්නට අවශ්‍ය වපසරිය සකස්කර දෙනවා. මේ උතුරු මැද පවත්වන පස්වන ක්‍රීඩා උළෙල. අගහිගකම් ඉවසගෙන ක‍්‍රීඩාවට කැපවුණු මේ දරුවන් රැකගනිමින් ඔවුන්ට ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය මනින්නට හැකියාවක් නැති තරම්.’’

තෙවන ක‍්‍රීඩා උළෙල වන වයඹ පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 17 වනදා සිට ජුලි 20 වනදා දක්වා වෙන්නප්පුව ඇල්බර්ට්. එෆ්. පීරිස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. වයඹ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එච්. කේ. එම් රාජතිලක මහතා ඒ පිළිබදව මෙසේ අදහස් දැක්වීය ,

‘‘වයඹ පළාතේ තෙවන වතාවට මේ ක‍්‍රීඩා උළෙල පවත්වන්නේ පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නව තාක්ෂණය මෙගින් ඔවුන්ගේ හැකියාවන් පිලිබඳ වැඩිදුර දැනුවත් වෙන්න, ක‍්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩනගා ගන්න ඒ වගේම ඒම අභිමානය හරහා මේ රටට කීර්තිය ගෙනෙන ජාත්‍යන්තර මට්ටම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකරන්න සමපෝෂ ලබාදෙන මේ ජාතික අත්වැල ප‍්‍රශංසනීයයි.’’

උළෙල හතරකික් සමන්විත ක‍්‍රීඩා උළෙල මාලාවේ සිව්වන සහ අවසන් ක‍්‍රීඩා උළෙල වන නැගෙනහිර පළාත් උළෙල ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා කන්තලේ ලීලාරත්න ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. නැගෙනහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.ජී.පී.අයි. ධර්මතිලක මහතා ඒ පිළිබද මෙසේ සදහන් කළේය ,

‘‘අවුරුදු 30ක යුද්ධයක් අවසානයේ පාසල් ක‍්‍රීඩාව නෙගා සිටුවන්න නැගෙනහිර පළාතට එන පළමු අනුග්‍රාහකයා සමපෝෂ. මේ ක‍්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට විශාල සම්පතක්. එය පවත්වන්නේ දෙවැනි වතාවට. දේශීය නිෂ්පාදනයක් රටේ දරුවන් වෙනුවෙන් මේ කරන සේවාව පිළිබඳව කියාගන්න බැරි සතුටක් තිබෙනවා. ස්තුතිවන්ත වනවා ඔවුන්ට.’’

සමපෝෂ පාසල් ක‍්‍රීඩා උළෙල මින් ඉහතදී පළාත් දෙකක් ආවරණය කරමින් ආරම්භ විය. එය ඉදිරියේදී දීපව්‍යාප්තව පැවැත්වීම අරමුණු කරගනිමින් මෙවර පළාත් හතරක් ආවරණය කරමින් දැවැන්ත ක‍්‍රීඩා උළෙල මාලාවක් ලෙස පැවැත්වීම පිළිබඳව CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා මෙසේ අදහස් දැක්විය ,

‘‘නිරෝගීමත් පෝෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකර ගැනීමට සමබල උදෑසන අහාර වේලක් ලබා ගැනීම පිළිබඳව සමපෝෂ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ඒ අනුව ‘‘Breakfast එක හරි වැදගත් ’’තේමාව යටතේ දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා සිදු කරනු ලබනවා. සමපෝෂ කියන්නේ ඉරිඟු, සහල්, සොයා, සහ මුං ඇට යන දේශීය ධාන්‍ය හතරින් නිෂ්පාදනය කරනු ලබන ජාත්‍යන්තර කීර්තිය දිනාගෙන තිබෙන ආහාරමය නිෂ්පාදනයක්. ඒ හරහා ජවයෙන් පිරුණු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙන්ම ශ‍්‍රී ලාංකික දරු පරපුරටම අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබා දෙනවා. එපමණක් නොවෙයි සමාගමක් ලෙස මෙවැනි ක‍්‍රීඩා උළෙල සංවිධානය කරමින් දේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒමේ දැවැන්ත ක‍්‍රියාවලියට දායක වී සිටිනවා.’’

එලෙසම මෙම ජාතික කර්ත්‍යය පිළිබදව අදහස් දක්වමින් ප්ලේන්ටී ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී, ෂම්මි කරුණාරත්න මහතා මෙසේ පැවසීය ,

“ක්‍රීඩාවේ සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා පෝෂණය සහ ශක්තිය වගේම දැඩි කැපවීම, ඉවසීම, ආත්ම විශ්වාසය, විනය සහ අනෙකුත් ගුණාංග අතිශය වැදගත්. ඒ හරහා ක‍්‍රීඩාව තුළින් මනා පෞර්ෂත්වයකින් යුතු නායකයින් බිහිකරනු ලබනවා. අප වසර 10 ක් පුරා පවත්වනු ලබන අන්තර් පාසල් පාපන්දු තරඟාවලිය, කන්ද උඩරට සිගිති හා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල, යුධ හමුදා මලල ක‍්‍රීඩා උළෙල වැනි දැවැන්ත ක‍්‍රීඩා සත්කාරයන් සිදු කරමින් මෙරට ක‍්‍රීඩාවට සමපෝෂ විසින් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහි කිරීමේ ජාතික වගකීම ඉටු කරමින් සිටිනවා.’’