2019 එක්දින ලෝක කුසලාන තරඟවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වු අවසාන තරඟය ලෙස ඉන්දියාව සමග පැවැති එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජය වුවද ඇන්ජලෝ මැතිව්ස් එහිදී ලබාගත් ශතකය (113) ඔහුට ලැබිය යුතුම ශතකයක් බව මහේල ජයවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
එසේම ඔහු අනාගත සැලසුම්වල සිටිය යුතුම ක්‍රීඩකයෙක් වන බව මහේල පෙන්වා දී තිබේ.
‘ඉන්දියාවට එරෙහිව මැතිව්ස් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළා. මැද පෙළ අසාර්ථක වෙන බව පෙනුණත් මැතිව්ස් ඉනිම ගොඩනැගුවා. ඔහුට ඒ ශතකය ලැබිය යුතුම දෙයක්. කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වූ නිසා ශ‍්‍රී ලංකාවට ලොකු ලකුණු ගණනක් ගහන්න බැරි බව පෙනුණා. එහිදි මැතිව්ස් සහ තිරිමාන්නගේ සබඳතාව නිසා ශ‍්‍රී ලංකාවට ලකුණු 264 ක් ලබා ගන්න පුළුවන් වුණා. ’
‘ඇන්ජලෝ පළමු තරගවලදී අසාර්ථක වුණත් ඔහු එංගලන්ත තරගයේ ඉඳලා ලකුණු අතරට පිවිසියා. ශ‍්‍රී ලංකාවේ ඉදිරි ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් මැතිව්ස්ට බොහෝ දේ කළ හැකියි. ඔහු අනාගත සැලසුම්වල සිටිය යුතුම කී‍්‍රඩකයෙක්. මැතිව්ස් වගේම අවිශ්ක ප‍්‍රනාන්දු වගේ යොවුන් පිතිකරු බල ඇණියකුත් සිටිනවා. ඔවුන් සියලූ දෙනාට 2023 ලෝක කුසලාන කී‍්‍රඩා කළ හැකියි’









