FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවෙන් ICC යට පැමීණිල්ලක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (06) ලීඩ්ස් හි පැවැති ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉහළ අහසේ පියාසර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ වාර්තා කියයි.

තරගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් පළමු ගුවන් යානය ‘Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.

ඉන් පැය භාගයකට පමණ පසුව දෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching ’ යන වැකිය සහිතව පියාසර කළේය.

ඉන් අනතුරුව ඉන්දියාව පන්දුවට පහරදෙමින් සිටින විට තෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching’  යන වැකිය සහිතව පියාසර කළේය.