(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 11 වන සහ 13 වන සියවස්වලදී ගොඩනැගූ වෙහෙර විහාර 3500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
අසර්බයිජානයේ බාකු නුවරදී ජගත් සංවිධාන ලෝක උරුම කමිටුව විසින් එය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
බගාන් නුවර වෙහෙර විහාරස්ථානවලට 2016 වසරේ එහි ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.8 ක භූ කම්පනයෙන්ද හානි සිදුවී ඇත.
බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට 1995 වසරේදීද යෝජනා වුවද එවකට පැවති හමුදා රජය විද්වත් නිර්දේශ නොතකමින් ඉපැරණි නගරයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම නිසා එය ප්‍රතික්ෂේප කර තිබේ.









