(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ඊසානදිගින් පිහිටි ලියාඔනින් පළාතේ හටගත් ටොනෙඩෝවකින් පුද්ගලයන් හය දෙනෙක් මියගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ටොනෙඩෝව විනාඩි 15 ක පමණ කාලයක් තිබී ඇති අතර , ඒ සමග තද වර්ෂාපතනයක් ද ඇදහැලී ඇත.
එමගින් නිවාස තුන්දහස් හයසීයකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තවත් රථවාහන ඇතුළු දේපළ රැසකටද හානි සිදුව තිබුණි.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් ලක්ෂ 50 කට අධික පිරිසක් අවතැන්වී ඇති අතර , ටොනෙඩෝවත් සමග ප්‍රදේශයේ විදුලි සහ සන්නිවේදන සබඳතාද ඇණහිට තිබේ.
හානිවූ ගොඩනැගිලි තුළ සිටි පුද්ගලයන් දෙසීයක් පමණ දෙනා මුදා ගැනීමට සහන සේවකයන් කටයුතු කර තිබේ.









