(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ උතුරු ප්‍රදේශ මුහුදේදී න්‍යෂ්ඨික සබ්මැරීනයක ඇති වූ ගින්නකින් නැවියන් 14 දෙනෙක් මිය ගොස් ඇති අතර , ගිනි ගැනීමට හේතුව රාජ්‍ය රහසක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන බව විදෙස් වාර්තා සදහන් කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලඩමීර් පූටින් දැඩි ශෝකය පල කරයි.
කෙසේ වෙතත් එම අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
ලෝෂාරික් 12 නමින් හඳුන්වන මෙම සබ්බැරීනය අතිශයින්ම රහසිගත මෙහෙයුමක නිරත වී සිටියදී ගින්න හට ගෙන තිබේ.
මේ සම්බැරීනයට මුහුදු පත්ලේ මීටර් 2500 ක් දක්‌වා ගමන් කළ හැකි අතර 2000 වසරේදී දියත් කළ අවස්‌ථාවේදී ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට රුසියාව ක්‍රියා නොකළ බවත් වාර්තා වෙයි.









