‘‘ඉදිරි වසර හතර සඳහා ශ‍්‍රී ලංකා පිල මෙවර අයි. සී. සී. ලෝක කුසලානයේදී පාඩමක් ඉගෙන ගත යුතුයි. සඳහා දැනටමත් අවිශ්ක ප‍්‍රනාන්දු හොඳ ආදර්ශයක් ලබාදී තිබෙනවා. ’’ යැයි හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
#අවිශ්කව දන්නේ
‘‘ ඔහුව මම දන්නේ අවුරුදු 19 න් පහළ ක‍්‍රීඩා කරන කාලයේ ඉඳන්. පළමු පෙළ තරගයක්වත් ක‍්‍රීඩා නොකර හිටිද්දී ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවුණා. එහිදී ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක්ට සහ පැට් කමින්ස්ට මුහුණ දුන්නා. ’’
#අවිශ්කගේ දක්ෂතාවය
‘‘ඔහු චරිතයක් බව ඔප්පු කර පෙන්නුවා. එංගලන්තය සමග තරගයේදී ඔහු ආක‍්‍රමණකාරී පිතිකරණයක නියැළුණා. නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගයේදී එයින් මිදී නිර්භීත ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශතකයක් (104*) ක් ලබා ගත්තා. ඔහුගේ දක්ෂතාව පුදුමයක් නොවෙයි. අවිශ්කට ගොඩක් දක්ෂතා තියෙන බව අපි දැන සිටියා. ’’









