FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා ඝාතනය තැතට 09 කට මරණ දඬුවම්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  1994 වර්ෂයේදී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත් කිරීමට එරෙහිව එරට අධිකරණය විසින් ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් 09 කට මරණ දඬුවම නියම කර තිබේ.

තවත් පුද්ගලයින් 25 කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද, තවත් 13 කට වසර 10 බැගින් සිරදඬුවම්ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

අදාළ සිදුවන විට ෂෙයික් හසීනා බංගලාදේශයේ විපක්ෂ නායිකාව වූ අතර ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙගම් ඛලීඩා සියා අගමැතිනිය විය.

ෂෙයික් හසීනා ගමන් කළ දුම්රියට බෝම්බ වීසි කර වෙඩි තබා ඇයව ඝාතනය කිරීමට තැත් කළ බව සැකකරුවන්ට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාව විය.

ඩකා අගනුවරින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි පබ්නා නගරයේදී මෙම ප්‍රහාරය එල්ල විය.