(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර ඇත.
තමා තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ කටයුතු නොකරන බව රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර සිටියද පක්ෂයේ අනෙකුත් නායකයන් එය වැළැක්වීය.
රාහුල් ගාන්ධිගේ පියා, මිත්තණිය සහ මී මුත්තා යන තිදෙනාම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
ඒ අනුව සතියක් ඇතුළත කොංග්‍රස් පක්ෂයට නව සභාපතිවරයෙකු පත් කරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නායකයෙකු උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.









