FAST NEWS

24×7 Around the Globe

ලාරාගේ වාර්තාව සියතට ගැනිමට ගෙල් 18 ක් පසු පසින්

 

(ෆාස්ට් ගොසිප්) – හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා සතුව පවතින එක්දින වාර්තාවක් තමා සතු කර ගැනිම කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගෙල් හට අවස්ථාව හිමීව තිබේ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණූ රැස් කළ ක්‍රීඩකයා වන බ්‍රයන් ලරාගේ වාර්තාව අභිබවා යෑමට ගෙල් වෙත අවශ්‍යව ඇත්තේ තවත් ලකුණූ 18 ක් පමණි.

ඒ අනුව ලෝක කුසලාන තරඟාවලිය යටතේ හෙට (04) ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන තරඟයේදි ලකුණූ 18 ක් රැස් කරමීන් එම වාර්තාව තමන් සතු කර ගැනිමට ගෙල්ට හැකියාවක් පවති.

එක්දින තරඟ 295 කට ක්‍රීඩා කරමීන් ලකුණූ 10,348 ක් රැස් කිරිමට බ්‍රයන් ලරා සමත්ව සිටියි.

ක්‍රිස් ගෙල් තරඟ 294 කට ක්‍රීඩා කරමීන් මේ වන විට ලකුණු 10,331 ක් රැස් කරගෙන සිටියි.