(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා බෝංචි ධාන්‍ය ගෙන්වීම සඳහා සීමාසහිත එස්.ඩී.කේ. යුනයිටඩ් ඇග්රි වෙන්චර්ස් පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 840 ක මුදලකට ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඊයේ (02) ඉදිරිපත් කරනු ලැබීය.
මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්, පෝෂණ ගැටළු සහිත ගර්භණී මව්වරුන් හා කිරිදෙන මව්වරුන් වෙත නොමිලේ ලබාදෙන පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රීපෝෂ නිපදවීම සඳහා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 6,000 ක් මිලදී ගැනීමට නියමිතය.







