(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 39 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඬ පැනවීමට තරඟ තීරකත්වය කටයුතු කර තිබේ.
මේ අනුව නායකයන් දෙපළට තරඟ ගාස්තුවෙන් 40%ක දඬයක් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට තරඟ ගාස්තුවෙන් 20%ක දඬයක් පැනවිමට කටයුතු කර තිබේ.
එසේම කණ්ඩායම් දෙකෙ නායකයින් වන දිමුත් කරුණාරත්නට හා ජේසන් හෝල්ඩර්ට ඊළඟ මාස 12 තුළ මන්දගාමීව පන්දුවාර යොමුකිරීමේ වරදට හසුවුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නීතියට අනුව තරඟ තහනමක් පැනවෙනු ඇත.









