යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ රහස් පොලිසිය සිදු කරන සීමාව ඉක්මවා ගිය විමර්ශන සහ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට අදාළ සියලුම බුද්ධි මෙහෙයුම් අඩාල වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් දිනපතා පුවත්පතකට පවසා ඇත.මේ තත්ත්වය හමුවේ බුද්ධි නිලධාරීන් තුළ අවිනිශ්චිත බවක් ඇතිවී තිබීම මීට හේතුවී ඇති බව ඔහු සඳහන් කර ඇත.
ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන රහස් පොලිසිය දැනට යුද හමුදා බුද්ධි නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිලධාරීන් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට රහස් පොලිසිය කටයුතු කර තිබෙන බවද ඉහත හමුදා නිලධාරියා පෙන්වා දී ඇත.
මෙහිදී රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එම හමුදා නිලධාරීන් හෙළි කරන කරුණු ඔවුන්ගේ අනන්‍යතාවද සමගින් වෙබ් අඩවි වෙත ලබාදීම සිදුවන අතර එය බරපතළ තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දී ඇත.
පසුගිය කාලයේ හමුදා බුද්ධි නිලධාරීන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් දියත් කර තිබූ අතර විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ කටයුතු සෙවීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් ගණනාවක් ඒ අතර විය.
ඇතැම් මෙහෙයුම් දැනටද ක්‍රියාත්මකව ඇත. එහෙත් යම් ලෙසකින් බුද්ධි මෙහෙයුම් අඩපණ වුවහොත් ඒ සියල්ල බිඳ වැටෙන අතර අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ප්රබලව සිදුවන වර්තමානයේ එවැන්නක් සිදුවීමෙන් රට දැඩි අනතුරකට මුහුණ දෙන බවද එම හමුදා නිලධාරියා සඳහන් කර ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.