FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකයේ රටවල් ආදායම අනුව කාණ්ඩ කිරීම යටතේ ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

ලෝක බැංකුව විසින් ලෝකයේ රටවල් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ශ්‍රේණි ගත කරයි. ඒ ඉහළ, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් ලබන රටවල් ලෙසින්.

ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදිතය අනුව මෙම ගණනය කිරීම් සිදුකරයි.

ශ්‍රී ලංකාවට අමතරව කොසෝවෝ, ජොර්ජියා යන රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් වල සිට ඉහළ මැදි ආදායම් ලබන රටවල් දක්වා ඉහළට ගොස් තිබේ.

ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා පහළ ගොස් තිබේ.

සිම්බාබ්වේ පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් බවට වර්ධනය වී තිබේ.