FAST NEWS

24×7 Around the Globe

පොදුරද යොවුන් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට තවත් පදක්කමක්.

5 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළලේ ස්කොෂ් කාන්තා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ මිහිලියා මෙත්සරණි අද සමත් වුණා.

එ සඳහා පැවැති තරගයේදී ඇය හමුවේ වට 3ට බින්දුවක් ලෙස පරාජයට පත් වූයේ මැලේසියානු කී‍්‍රඩිකාවක්. මෙම ලෝකඩ පදක්කමත් සමග ශී‍්‍ර ලංකාවට මේ වන විට දිනා මුළු පදක්කම් සංඛ්‍යාව 3ක්.

රිදී පදක්කම් 2 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වී සිටිනවා. මෙම පදක්කම්වලට හිමිකම් කීවේ ධම්මික රණතුංග සහ ශී‍්‍රමාලි සමරකෝන් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්. උස පැනීම, බාලක ඉසව්වට තරග වැදුණු ධම්මික රණතුංග එහිදී මීටර් දෙකයි සෙන්ටිමීටර් 11 ක දක්‍ෂතාවක් දැක්වුවා.

ශී‍්‍රමාලි සමරකෝන් තරග වැදුණේ කිලෝග‍්‍රෑම් 48 බර පංතියෙන් බර ඉසිලීම බාලිකා ඉසව්වටයි. එහිදි ඇය විසින් ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 125 ක්. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 5 වන වරටයි. සමෝවා රාජ්‍ය ඊට සත්කාරකත්වය සපයනවා.

පදක්කම් සටහනේ ශී‍්‍ර ලංකාව මේ වනවිට පසුවන්නේ 14 වන ස්ථානයේයි.