FAST NEWS

24×7 Around the Globe

දයාසිරිට පාස්කු තේරිම් කාරක සභාවෙන් රතු එළියක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ලබන 10 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවත් යම් ලෙසකින් ඊට සහභාගි නොවුණහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි  මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව ඔහු එදිනට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසුවා.

“අපි දැනුම් දීලා තියෙනවා එතුමාට ලබන 10 වැනිදා කාරක සභාව හමුවට එන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා එයි කියලා. ආවේ නැත්නම් ඉදිරියට ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්නවා”