(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිස් හතර දෙනෙක් මියගොස් තවත් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
කාබුල් නගරයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරවාහැර ඒත් සමගම ගොඩනැගිල්ලට ඇතුල්වූ තලිබාන් තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.
තුවක්කුකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාරයක්ද දියත් කර ඇති බව විදෙස් වාර්තාවල සදහන් වේ.
තුවාල ලැබූවන් අතර ළමුන් තිහකට අධික පිරිසක් සිටින බවත් , සිදුවීමන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවද එම වාර්තාවල සඳහන්.
ඇෆ්ගනිස්තානයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සමග හත් වන වටයේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී ආරම්භ කර දින දෙකකට පසුව මෙම ප්‍රහාරය සිදුකර තිබීමත් විශේෂත්වයකි.









