FAST NEWS

24×7 Around the Globe

මමයි පොහොට්ටුවේ අපේක්ෂකයා – ගෝඨා බී.බී.සී යට කියයි

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තමා බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බී. බී. සී. සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමීන් ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව අනිකුත් පක්‍ෂ සහ කණ්ඩායම්වල සහාය ලබාගැනීමට කි‍්‍රයාකරන බවත් හෙතෙම පවසා තිබේ.

එසේම තමා ජය ලබන බව විශ්වාස යැයි පවසන එ මහතා සිය ද්විත්ව පුරවැසි බව ඉවත් කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයට ලියවිලි ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කර තිබේ.

ඇමරිකානු අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩු පදනම් රහිත බවත් එම නඩු දේශපාලන අරමුණු මත ඉදිරිපත් වූ ඒවා බවද පවසා ඇත.