(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 39 වැනි තරඟය ලෙස ඊයේ (01) චෙස්ටර්ලීහිදී පැවති තරඟයෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 කට ලකුණු 338 ක් රැස් කළහ.
අවිශ්ක ප්‍රනාන්දු එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 104 ක් රැස් කලේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවී රැස් කිරිමට හැකි වුයේ ලකුණු 315 ක් පමණි.
තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය







