(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඇඩිසන් ගුවන්තොටුපලේදී සැහැල්ලු ගුවන් යානාවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
යානය ගුවන් ගතවී සුළු මොහොතකින් ගිනිගැනීමකට ලක්ව ඇති අතර , පසුව එම යානය ඩලස් නගරයේ සිට කිලෝමීටර් 17 උතුරු දෙසට වන්නට කඩා වැටී තිබේ.
අනතුරට පත් යානයේ ගමන්ගත් මගීන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.









