(ෆාස්ට් නිව්ස්|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අද උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසී තිබේ.
ඒ කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදීය.
ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු භූමියට සම්ප්‍රාප්ත වූ ප්‍රථම අවස්ථාව මෙයයි
මුලින්ම එකිනෙකාට අතට අත දී සුහදත්වය පළ කර ඇති අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා සුළු වේලාවකට දේශසීමාව තරණය කර උතුරු කොරියානු භූමියට පිවිස තිබේ.
දෙදෙනාගේ මෙම හමුව ලොව පුරා මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරුණි.
ඉන් අනතුරුව ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් කළේය.









