FAST NEWS

24×7 Around the Globe

ටියුනීසියාවේ අගනුවරට ISIS ප්‍රහාරයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටියුනීසියාවේ ටියුනිස් අගනුවරට අයි.එස්. සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී ඇති අතර , ජීවිතක්ෂයට පත්වූවන් අතරේ පොලිස් නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව ටියුනීසියාවේ 92 හැවිරිදි ජනාධිපති බෙජි සෙයිඩ් එසෙබ්සි ද හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර තිබේ.

2011 වසරේ ආරම්භ වූ අරාබි වසන්තයේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැගී සිටි එකම රට වන්නේ ටියුනීසියාවයි.