FAST NEWS

24×7 Around the Globe

මරණ දණ්ඩනය තහවුරු කිරීමත් සමග වැලිකඩ සිරකරුවෝ සිහි මුර්ජා වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බවත් , රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන්ගෙන් ඇතැමෙක් සිහි නැතුව ඇද වැටුණු බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවැසීය.

පසුගියදා බූස්ස හා වටරැක බන්ධනාගාර වෙත හදිස්සියේ මාරුකර යැවූ අතර සී 3 වාට්ටුව හදිසි අලුත් වැඩියාවකට ලක්කර තීන්ත පිරියම් කිරීමද , එල්ලුම් ගහ පරීක්ෂා කිරීමද සිදුවෙමින් පැවැතීම පිළිබඳව සිරකරුවන් දැඩි කුතුහලයෙන් පසුවිය.

200 ක් පමණ මරණ දඬුවම නියම වූ සිරකරුවෝ දැඩි බියකින් පෙලෙන්නටත් , බලාගත් අත බලා සිටින්නටත් පෙළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර , සුප්‍රකට වර්ජින් සමාගමේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අර්බුදයට විසඳුමක් නොවන බවයි.