FAST NEWS

24×7 Around the Globe

යුරෝපයේ උෂ්ණත්වය තවත් ඉහළට – ජනතාවට අනතුරු අගවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප‍්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි එරට කාලගුණික විද්‍යා බලධාරීන් ජනතාවට අනතුරු අගවා තිබේ.

2003 වසරේ ප‍්‍රංශය පුරා ඇති වූ අධික උෂ්ණත්වය නිසා 15000 ක් ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර , මේ හැර යුරෝපයේ රටවල් රැසක 35000 කට අධික පිරිසක් මරුමුවට පත්වී තිබෙන බව වාර්තා වෙයි.

උතුරු අප්‍රිකාවේ සිට හමා එන උණුසුම් වා දහරා මෙලෙස යුරෝපයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

යුරෝපය පුරා පැතිර යන අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය ගැන ස්පාඤ්ඤ කාලගුණික විද්‍යා බලධාරියෙක් පැවසුවේ පැරන්හයිට් අංශක 104 දක්වා උෂ්ණත්වය වැඩි වී ඇති බවයි.

ඉදිරියේදී බියකරු උෂ්ණාධික තත්ත්වයකට ඔබට මුහුණ දීමට සිදුවනවා යැයි ඔහු තවදුරටත් පවසා ඇත.